ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය බුද්ධි අංශ ප්රමුඛ පෙළේ සිම්කාඩ් නිෂ්පාදන ආයතනයක තොරතුරු හා දත්ත වෙත අනවසරයෙන් ඇතුළු වෙමින් ඒවායෙහි කේත සොරාගෙන ඇති බව ඇමෙරිකානු පුවත් වෙබ් අඩවියක් අනාවරණය කර තිබේ.
හිටපු ඇමෙරිකානු බුද්ධි අංශ නිලධාරියෙකු වූ එඩ්වඩ් ස්නෝව්ඩන් විසින් සිදුකර ඇති නවතම හෙළිදරව්වකට අනුව මෙම තොරතුරු අනාවරණය කරන බව එම වෙබ් අඩවිය වැඩිදුරටත් පවසා ඇත.
මෙම සිම් කාඩ් නිෂ්පාදන සමාගම රටවල් 85ක පමණ ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා නිෂ්පාදන කර්මාන්තශාලා 40ක් පමණ වෙයි.
මෙම සොරාගැනීම තුළ ලෝකයේ ජංගම සන්නිවේදනයෙන් වැඩි කොටසක දුරකථන හඬ හා දත්ත වෙත අනවසරයෙන් ඇතුළු වීමේ අවස්ථාව මෙම රටවල්වල බුද්ධි අංශවලට ලැබී තිබෙන බව එම වෙබ් අඩවිය වැඩිදුරටත් අනාවරණය කර තිබේ.