දෘශ්‍ය ලෙස සූර්යා උතුරට ගමන් කිරීමට අනුව අද (11දා) ලංකාවේ ප්‍රදේශ 05 කට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව අද දහවල් 12.11 කල්පිටිය, කලා ඔය, තලාව, තිරප්පනේ, කදිරවේලි යන ප්‍රදේශවලට ආසන්නව හිරු මුදුන්වන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ මස 05 වැනි දින සිට 15 වැනි දින දක්වා ශ්‍රී ලංකාව ආශ්රිත අක්ෂාංශවලට ඍජුවම සූර්යයා ඉහළින් ගමන් කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.