ස්ත්‍රී දූෂණයකට සම්බන්ධ වූ වරදකරුවන් දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන් (IRC) බවට පත්කිරීම සඳහා අපරාධ වැළැක්වීමේ ආඥාපනත සංශෝධනය කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බවත්, එය එළැඹෙන මාස දෙක ඇතුළත සිදුවනු ඇති බවත් වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසීය.
ඊයේ (16දා) පැවැති මාධ්‍ය හමුවකදී වැඩබලන මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, 2015 ජූනි 31 වැනිදායින් අවසන් වූ වසරේ පළමු අර්ධය තුළදී ශ්‍රී ලංකා පොලීසියට ස්ත්‍රී දූෂණ 795 ක්, ළමුන්ට එරෙහි ක_ර ලෙස සැලකීම් හා ලිංගිකව අපයෝජනයට ගැනීම් 84 ක්, ළමුන් ඝාතනය කිරීම් 10 ක් වාර්තා වී ඇති බවයි.
එසේම පසුගිය කාලය තුළ සිදුවූ ඝාතන දෙස බැලීමේදී ගෘහස්ථ සේවකයන් බඳවා ගැනීමේදී පසුබිම් වාර්තා ලබානොගැනීමෙන් පෙර වැරදි සම්බන්ධ පුද්ගලයන් නැවත අපරාධවලට සම්බන්ධ වී ඇති තත්ත්වයක් පෙන්නුම් කෙරෙන බවත්, ඒ නිසා ගෘහස්ථ සේවකයන් බඳවා ගැනීමේදී මීට වඩා සැලකිලිමත් විය යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.