වයස අවුරුදු 16ක් වූ බාල වයස්කාර දැරියක් ප්‍රේම සබඳතාවක් පවත්වා ස්ත්‍රී දූෂණයට ලක් කිරීම සම්බන්ධව අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ජනතාවගේ සහාය ඉල්ලා තිබේ.
වින්දිත දැරියගේ ප්‍රකාශ මත මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවාගේ රුවට සමාන රූපයක් චිත්‍රයට නගා තිබේ. සැකකරු පිළිබඳව තොරතුරු දන්නේ නම් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට හෝ විශේෂ විමර්ශන ඒකකයට දන්වන ලෙසත් පොලීසිය කියයි.