'ස්කයිප්' (Skype) මාධ්‍ය භාවිතයෙන් තොරතුරු හුවමාරු කිරීමේදී කාන්තාවන් බුද්ධිමත්ව ක්‍රියා කරන්නේ නම් අන්තර්ජාලය ඔස්සේ සිදුවන අපරාධ අවම කරගත හැකි බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ලංකා රාජිනී මහත්මිය 'අද' ට පැවසුවාය.
කිසියම් ආකාරයක තර්ජනයකට හෝ බලපෑමකට යත්ව %ස්කයිප්^ වැනි මාධ්‍ය ඔස්සේ ලිංගික අපරාධ සඳහා අනුබල නොදීමට වැඩිහිටි කාන්තාවන් වග බලාගත යුතු බවත්, වයස අවුරුදු 18 ට අඩු දරුවන් එවැනි මාධ්‍ය භාවිත කිරීම සම්බන්ධයෙන් වැඩිහිටියන් අවධානය යොමුකළ යුතු බවත් රාජිනී මහත්මිය අවධාරණය කළාය.
ඕනෑම මාධ්‍යයක් භාවිතයේදී ආකල්ප වර්ධනය සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බව කී ඇය වැඩිදුරටත් මෙසේද පැවසුවාය.
'ලංකාව මේ වෙද්දි තාක්ෂණිකව දියුණු වෙමිනුයි පවතින්නෙ. ඒ අතරේ ආකල්පමය වශයෙන් කාන්තාවන් හා ළමයින් වර්ධනය වීම අත්‍යවශ්‍යයි. එහෙම වෙනවා නම් %ස්කයිප්^ වැනි මාධ්‍ය ඔස්සේ සිදුවන අපරාධ අවම කරගත හැකියි. බෙහෝ කාන්තාවන් 'ස්කයිප්' භාවිතයට පෙළඹීමෙන් විවිධ අපරාධවලට ගොදුරුවෙනවා. වැඩිහිටි කාන්තාවන් මෙම මාධ්‍ය භාවිතයේදී වගකීමෙන් කටයුතු කළ යුතු අතර, වයස අවුරුදු 18 ට අඩු දරුවන්ගේ එම මාධ්‍ය භාවිතය ගැන වැඩිහිටියන් අවධානය යොමුකළ යුතුයි. කිසිවෙකුගේ තර්ජනයට හෝ බලපෑමට කැමරාවක් ඉදිරියේ කිසිසේත්ම නිරුවත් වියයුතු නැහැ. ඒවාට අවනත වීමෙන් සිදුවන්නේ අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ සිදුවන අපරාධ ඉහළයෑමයි. කිසිවකු එවැනි බලපෑමක් සිදු කරන්නේ නම් කාන්තාවන් කළයුත්තේ වහා එවැනි පුද්ගලයන්ට එරෙහිව පොලීසියට පැමිණිලි කිරීමයි. සමාජ ජාල භාවිතයේදී තමන්ගේ සියලු පෞද්ගලික කාරණා ප්‍රසිද්ධ කිරීමත් කාන්තාවන්ගේ පැවැත්මට හානි සිදුවිය හැකි තත්ත්වයක්' යැයි ඇය වැඩිදුරටත් කීවාය.