ලංකා සළුසල ආයතනයේ සිදුවන අසාධාරණ සේවක පළිගැනීම් සහ මහා පරිමාණ මූල්‍ය වංචා නතර කරන්නැයි රජයට බලකරමින් අද (10දා) පෙරවරුවේ කොළඹ ජාවත්ත පාර ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී සේවක උද්ඝෝෂණයක් පැවැත්වුණි.
එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ යන දේශාපාලන පක්ෂ නියෝජනය කරන වෘත්තීය සමිතිවල සේවකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඔවුන් සඳහන් කළේ නිවාඩු ලබාගන්නා සේවකයන්ගේ වැටුප් අඩුකිරීම, අසාධාරණ මාරුකිරීම් සිදුකිරීම, සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදලේ කපාහැරීම, ජනවාරි මස වැටුප ලබානොදීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධව බලධාරීන් විසඳුම් ලබාදිය යුතු බවයි.