රටතුළ කිසිදු ආකාරයකින් සහල් හිඟයක් නොමැති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චින්තක එස්. ලොකුහෙට්ටි මහතා පවසයි. ඓසේම ලංකා සතොස අලෙවි සැල් සහ වෙනත් සුපිරි වෙළෙඳ සැල් ඇතුළු වෙළෙඳ සැල්වලින් පාලන මිල යටතේ සහල් ලබාගත හැකි බවත් ඔහු සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ මාසික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් වන බවත් වෙළෙඳ පොළේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ හයකට ආසන්න සහල් තොගයක් සංසරණය වන බැවින් මාස තුනකට ප්‍රමාණවත් සහල් රට තුළ පවතින බවද ඔහු පවසයි.
ඇණවුම් කළ සහල් තොග මෙරටට ලැබෙමින් පවතින බවත් ඉදිරි දින කිහිපයේ දී සතොස මගින් ද සහල් ආනයනයට කැබිනට් අනුමැතිය ලැබී ඇති බැවින් පාරිභෝගිකයන්ට අඩු මිලට ගුණාත්මක සහල් ලබා දීමට හැකියාව ඇති බව ද ලොකුහෙට්ටි මහතා කියා සිටියි.