උත්සව සමයේ සහල් ඉල්ලුම සපුරාලීමට වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල ඇති වී තොග මිලදී ගැනීමටත්, සමහල් මෙට්‍රික් ටොන් 10000ක් ආනයනය කිරීමටත් කර්මාන්ත වා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට අද (19දා) උපදෙස් දී ඇත.
වී අලෙවි මණ්ඩලය සතු සුදු හා නාඩු වී මෙට්‍රික් ටොන් 20000ක් මිලට ගෙන ඒවා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වී මෝල් හරහා සහල් බටව පත් කර ලංකා සතොස හරහා සහල් කිලෝවක් රුපියල් 78ක මිලකට අලෙවි කරන ලෙසද අමාත්‍යවරයා සතොසට නියෝග කර තිබේ.
එසේම සහල් මිල ඉහළ යෑම වැළැක්වීම සඳහා සහල් මෙට්‍රික් ටොන් 10000ක් ආනයනය කර සතොස හරහා අලෙවි කරන ලෙසත් නියෝග කර තිබේ.