දේශීය සහල් වෙනුවට ආනයනික සහල් අලෙවිකරන හෝ වෙළෙඳ සැල තුළ සහල් මිලප්රදර්ශනය නොකරන මෙන්ම නියමිත මිලට සහල් අලෙවිනොකරන වෙළෙඳුන් පිළිබඳවත්, සහල් වෙළෙඳ පොළ තුළ සිදුවන අක්‍රමිකතා පිළිබඳවත් 1977 අංකයට වහාම දැනුම්දෙන ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
මෙම සියලු වැරදි සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවත්, වෙළෙඳ පොළ තුළ සහල හිඟයක් ඇති වීමට කිසිදු අවස්ථාවක් නොමැති බවත් අමාත්‍යවරයා පැවසුවේ අද(20දා) ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදීය.