විකිණීම ප්රතික්ෂේප කිරීම හේතුවෙන් වෙළෙඳ සැල් තුනක ගබඩා කර තිබූ සහල් කිලෝ 42,100 ක් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මීට අමතරව පෙරේදා (26දා) සහ ඊයේ (27දා) සිදුකළ වැටලීම් වලින් වැඩි මිලට සහල් විකිණූ වෙළෙඳුන් 86 දෙනෙකු නීතියේ රැහැනට හසු කරගෙන ඇත. එසේ අත්අඩංගුවට පත් පුද්ගලයන්ට නීති මගින් කටයුතු කිරීමට පියවර ගත් බව එම අධිකාරිය පවසයි.
පාරිභෝගික කටයුතු අධිකාරිය මේ මාසය තුළදී වැටලීම් 2064 ක් සිදුකර ස්ථාන 1367 කට විරුද්ධව නීති මගින් කටයුතු කර තිබේ.