පාර්ලිමේන්තුව තුළ ආසන 106 ක් තිබෙනා එකසත් ජාතික පක්ෂය හයෙන් පහක බලයක් ලැබුණාක් මෙන් උද්චච්ච ආකාරයට හැසිරේනම් ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට කිසිම සහයක් නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අද(24) පාර්ලිමේන්තුවේදී පැවසීය.
තම කණ්ඩායමේ සහය අවශ්‍යනම් අගමැතිවරයාගේ උද්දච්ඡභාවය අතහැරිය යුතු බවත් අපහාස කිරීමේන් වැළකිය යුතු බවත් හෙතෙම කීය. එසේ නොවේනම් ඒකාබද්ධ විපක්ෂය කිසිම අයුරකින් ආණ්ඩුව ඉදිරියේ දණ නොනමන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.