මීතොටමුල්ල කසල කන්දේ කොටසක් කඩා වැටීමෙන් විපතට පත් වූ ජනතාවට උපරිම සහන සැළසීමට කටයුතු කරන ලෙසත්, එම කටයුතුවලදී කිසිදු අවස්ථාවක මුදල් පිළිබද ගැටලුවක් ඇති කර නොගන්නා ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.
විපතට පත් ජනතාවට සහන සැළසිම පිළිබඳ අද (16) පෙරවරුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් දී ඇත.
අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, විජයදාස රාජපක්ෂ, ඒ.එච්.එම්. ෆවුසි, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර්, ප්‍රසන්න සෝලංගආරච්චි යන මහත්වරුන් ද පොලිස්පති, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින් සහ රාජ්‍ය නිළධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.