පාරිභෝගික කටයුතු අධිකාරිය ප්‍රකාශයට පත්කර තිබෙන සහන සතිය තුළදී සාමාන්‍ය පාන් ගෙඩියක මිල රුපියල් හතරකින් පහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
ඒ අනුව මාර්තු 14 වැනි දින සිට මාර්තු 20 වැනිදා දක්වා වන සතිය තුළදී රුපියල් 54ට හෝ රුපියල් 55ට අලෙවි කරන පාන් ගෙඩියක මිල රුපියල් 4කින් පහළ යනු ඇත.