පවතින ආපදා තත්ත්වය පිළිබඳව විමසා බැලීමට හා ආපදාවන්ට ලක්වූවන්ට සහන හා කඩිනමින් සේවා සැලසීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉහළ පෙළේ කමිටුවක් පත් කර තිබේ.
ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් එස්.එස්. මීයනවල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුවපත් කර තිබෙන අතර, මෙම කමිටුව හරහා සහන සේවා කාර්යයන් වඩා වේගවත් කිරීම සිදුවේ.
පීඩාවට පත්ව කිසිදු රාජ්‍ය නිලධාරියෙකුගේ ක්ෂේත්‍ර පරීක්ෂාවකට ලක් නොවූ ස්ථාන 1200කට අධික ප්‍රමාණයක් තිබෙන බවට 1919 දුරකථන අංකය ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණිලි ලැබී තිබෙන බවද වාර්තාවේ.