නේපාල භූමිකම්පාවෙන් විපතට පත් ජනතාවට සහන රැගෙන ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සී. 130 දරණ ගුවන් යානය නේපාලයේ කත්මන්ඩු නුවර බලා නැවතත් අද උදෑසන පිටිත්ව ගියේය.
වියළි ආහාර, පාණීය ජල බෝතල්, වෛද්‍යාධාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය කිලෝ 13000 ක් එහි විය.
නේපාල ජනතාව වෙනුවෙන් සහන රැගෙන ශ්‍රී ලංකාවෙන් පිටත්වූ දෙවැනි යානය මෙය වෙයි.