ජනතාවට සහන මිලට කිරිපිටි ලබාදීම හේතුවෙන් ග්‍රෑම් 450ක කිරිපැකට් එකකට රු.30 වැය බරක් රජයට දැරීමට සිදුව ඇතැයි ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.
විදේශීය සමාගම්වලින් ආනයනය කරන ග්‍රෑම් 450ක පිටිකිරි පැකට් එකක් වෙළෙඳ පොළ තුළ අලෙවි වන්නේ රු.325ක මුදලකට බවද හෙතෙම පවසා සිටියේය.
එහෙත් දේශීයව නිෂ්පාදනය කරන පිටිකිරි පැකට් එකක් අලෙවි කරන්නේ රු.290ක මුදලකට බවත්, මේ නිසා දේශීයව නිෂ්පාදනය කරන සෑම ග්‍රෑම් 450ක පිටිකිරි පැකට්ටුවකටම රජයට රු.30ක වැය බරක් දැරීමට සිදුව තිබෙන බව අද (06දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.