ලංකා සතොස මගින් උත්සව සමයේදී අත්‍යාවශ්‍ය භාණ්ඩ 10කින් යුත් සහන මලු ජනතාවට අලෙවි කිරීම ආරම්භ කළ පෙරේදා (10දා) සිට ඊයේ (11දා) වන විට එවැනි මලු 50,000ක් අලෙවි වී තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
'අද' වෙබ් අඩවියේ පළ වූ පුවතකට ප්‍රතිචාර දක්වමින් ඔවුන් ඉහත නිවේදනය නිකුත් කර තිබේ. රුපියල් 1500ක් වටිනා භාණ්ඩ මල්ලක් රුපියල් 975කට ලංකා සතොස මගින් අලෙවිකරන බවත් ඔවුහු පවසති.
එම සහන මල්ල එළැඹෙන 20 දා දක්වා ජනතාවට අලෙවි කරන බවත් ජීවන වියදම් කමිටුව ගත් තීරණක් අනුව එය ක්‍රයාත්මක කරන බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.