අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් 1500 ක් වටිනා අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත බඩු මල්ලක් ලක් සතොස හරහා රුපියල් 975කට ලබා දෙන බවට සිදුකළ පොරොන්දු පුස්සක් වී තිබෙන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය සඳහන් කරයි.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10ක් මෙම භාණ්ඩ මල්ලේ අඩංගු බවත් එවැනි මලු ලක්ෂ 10ක් ජනතාවට ලබා දෙන බවත් මුදල් අමාත්‍යාංශය සඳහන් කළ බවද එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.
එහෙත් එවැනි භාණ්ඩ මල්ලක් ලක් සතොසින් අලෙවි නොකරන බවද පවසා සිටියේය.