රජයේ සහතික මිලයට වී අලවි කිරීම සදහා විල්ගමුවේ ගොවින් දින 3,4, මහපාරේ පෝලිමේ සිටිති ,මේ වනවිට මහියංගනය ප්‍රධාන මාර්ගයේ කි මි 2 ක පමණ දුරක් වාහන පෝලිම දැකගැනීමට හැකිය .ගොවින් කියා සිටියේ වී අලවි මණ්ඩලය එක කළමනාකරුවෙකු පමණක් ඒවා හදුන්ගමුව හා නාගොල්ල යන ගබඩා දෙකකට පත්කර ඇති බවය ,
නව නිලධාරින් 2ක් හෝ කඩිනමින් එව්වොත් වී මිලදී ගැනීම කඩිනම් කළහැකි බව මිනිපේ වම ඉවුර කලුගග ඒකාබද්ද ගොවි සංවිධානයේ සභාපති ටී .ජි .රන්ජිත් ප්‍රේමකුමාර මහතා පැවසිය .
වී රැගෙන එනුලබන වාහනයකට දිනකට රු 3000ක කුලියක් ගෙවිය යුතු අතර දින 2,3 ගතවෙද්දී සහතික මිලට වී අලවි කලද ගොවීන්ට පාඩු බව කියති .වී අලවි මණ්ඩලයේ නිලධාරියකු කිවේ තව දින කීපයක් මේ තත්වය පවතින බවය