කොස්ගම, සලාව හමුදා කඳවුර තුළ සිදුවූ පිපිරීම නිසා නිවාස හා ගොඩනැගිලි 1800කට ආසන්න ප්රමාණයකට හානි සිදුව තිබෙන බව තක්සේරු වාර්තාවකින් තහවුරු වී තිබේ.
සම්පූර්ණයෙන්ම නිවාස විනාශ වූ පවුල් 401 කට මේ වනවිට රුපියල් 50,000 මාසික කුලී දීමනාව ලබාදී තිබෙන අතර, හෙට (07දා) දිනයේදී තවත් පවුල් 150 කට අදාළ මුදල් ලබාදීමට නියමිතව තිබේ.
නිවාස හිමියන් 850කට රුපියල් 50,000 බැගින් මාසික කුලී ලබාදීමට සිදුවන බව වාර්තා වන අතර, ඊට අදාළ අනුමැතිය කැබිනට් මණ්ඩලය විසින් මේ වනවිට ලබාදී ඇත.