සල්ලියි අන්තර්ජාල පෙම්වතායි නැතිවෙයි
මිරිස්ස ප්‍රදේශයේ තරුණියක් සමගඅන්තර්ජාලය ඔස්සේ ගොඩනගාගත් විශ්වාසය මත විවාහ කර ගැනීමේ පොරොන්දුවෙන් රුපියල් 478,620ක මුදලක් වංචා කළ සිද්ධියක ප්‍රධාන සැකකරු සොයා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මංගල සේවා ආයතනයක පළ කරන ලද මංගල දැන්වීමක තොරතුරු ඔස්සේ මෙමතරුණිය සමග ස්කයිප් හා විද්‍යුත් තැපෑල ඔස්සේ සම්බන්ධ වීඇය විවාහ කර ගන්නා බවටසැකකරු පොරොන්දු ලබාදී තිබේ.
ප්‍රීති විරාජ් අමරසිංහ නැමැති සැකකරු මැලේසියාවේ සිටින බවට තොරතුරු අනාවරණය කර ගෙන තිබෙන බව පොලීසිය කියයි.කාන්තාවට ත්‍යාගයක් එවා ඇති බවත්, එය රේගුවෙන් නිදහස් කර ගැනීමට රුපියල් 478,620ක මුදලක් අවශ්‍ය බවත් සඳහන් කරමින් මුදල් වංචා කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සේරුනුවර පදිංචි අවුරුදු 25ක හා 35ක සැකරුවන් දෙදෙනෙක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රධාන සැකකරු අත්අඩංගූවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදන නිකුත් කිරීමට කටයුතු කරන බවත්, ඔහු විවිධ නම් වලින් පෙනී සිට ඇති බවත් පොලීසිය තොරතුරු අණාවරණය කරගෙන ඇත.
2014
2012
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

