තමා රට වටේ ගොස් සල්ලි බෙදා කිරුළපන මැයි දින රැලියට ජනතාව ගෙන්වා ගැනීමට කටයුතු කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැවසුවද එය අසත්‍ය ප්‍රකාශයක් බව බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
සල්ලි බෙදා ජනතාව කැඳවාගෙන ඒමට වුවමනාවක් නොමැති බවත්, පවතින තත්ත්වය හමුවේ ජනතාව කිරුළපනට පැමිණීමට දැඩි කැමැත්තකින් පසුවන බවද ඔහු පවසා සිටියේය. මෙවැනි ප්‍රකාශ කිරීම උද්යෝගිමත් ජනතාවට කරන අපහාසයක් බවද බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.