බෞද්ධාගම අනුව පිණ්ඩපාතයේ වැඩිය හැක්කේ ආහාර ලබාගැනීමට පමණක් බවත්, මුදල් එකතු කිරීමට යමෙකු කටයුතු කරනවා නම් එය හිඟා කෑමක් බවත් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.
කොළඹදී අද (19දා) පෙරවරුවේ පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. එසේම ඇල්ලේ ගුණවංශ හිමියන් පිළිබඳව තමා කළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද මෙහිදී ෆොන්සේකා මහතා පැහැදිලි කිරීමක් කළේය.
“උන්වහන්සේ (ඇල්ලේ ගුණවංශ හිමි) කළේ බෞද්ධ භික්ෂුවක් කළ යුතු ප්‍රකාශයක් නොවේ. අපහාසාත්මකව කතා කළ නිසා මම මගේ හෘදසාක්ෂියට අනුව මතය ප්‍රකාශ කළා.
මහා සංඝරත්නයට අපහාස වෙන ආකාරයට වැඩ කළේ අපි නෙවෙයි. මල්වතු පාර්ශ්වය දෙකඩ කරනවා, බෝම්බ ගහනවා කියල තර්ජනය කළේ ඒ වෙලාවේ හිටපු පාලකයා. එවැනි තත්ත්වයකට වැටෙන්න අපට මානසිකත්වයක් නෑ.
දූෂිතයන් හිරේ දැම්මාම ඒ අයව නිදහස් කරගන්න සල්ලි එකතු කරන රටක් බවට මේ රට පත්ව තිබෙනවා. බෞද්ධ ආගම අනුව භික්ෂූන්වහන්සේලාට පිණ්ඩපාතයේ වැඩිය හැක්කේ ආහාර ලබාගැනීමට පමණයි. භික්ෂූන් වහන්සේට මුදල් පරිහරණය කිරීම සම්පූර්ණයෙන්ම තහනම්. මම දන්න විදිහටනම් සල්ලි ඉල්ල ඉල්ල පාරේ යන්නේ හිඟන්නෝ”
වීඩියෝ - ක්‍රිෂාන් රණසිංහ