‘ශ්‍රී ලාංකිකයන්ට සර්ව ජන ඡන්ද බලය ලැබී අද (30දා) දිනට වසර 85 ක් සපිරේ.එම 85 වැනි සංවත්සරය සැමරීම සඳහා 1931 වසරේ ඩොනමෝර් කොමිෂන් සභාවේ සිට 2016 වර්තමාන මැතිවරණ කොමිෂන් සභාව දක්වා ගෙවී ගිය කාලය පිළිබඳ ලියැවී ඇති ශාස්ත්‍රීය ලිපි සංග්‍රහයක් අද දිනයේදී එළිදැක්වීමට සැලසුම් කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව විසින් අද පවත්වන සංවත්සරයේදී මෙම ශාස්ත්‍රීය ලිපි සංග්‍රහය එළිදැක්වේ.මෙම සමරු උත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වෙන අතර, එහි ප්‍රධාන අමුත්තා ලෙස කථානායක කරු ජයසූරිය මහතා සහභාගි වීමට නියමිතය. මෙහිදී ප්‍රධාන දේශනය මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීර මහතා විසින් පවත්වනු ලබන අතර, ආචාර්ය රාජන් නුල් මහතා විසින් විශේෂ දේශනයක් සිදුකෙරේ.