සර්බියාවේ, අවන්හලක සිදුවූ විවෘත වෙඩි තැබීමකින් පුද්ගලයන් 5 දෙනෙක් ජීවිතක්ෂය පත්ව තවත් 22 තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
උතුරුදිග සර්බියාවේ අවන්හලකට පැමිණි වයස අවුරුදු 40කට පමණ ආසන්න පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, පසුව ඔහු අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශ සමත්ව තිබුණි.
බෙල්ග්‍රෙඩ් නුවරට කිලෝමීටර් 80ක් පමණ උතුරින් පිහිටි සිටිස්ටේ නගරයේ උත්සවයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවද වාර්තා වෙයි.
එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසන්නේ මෙම වෙඩි තැබීම පවුල් ආරවුලක් මත සිදුවූවක් බවයි. මෙහිදී, ඝාතකයා සිය බිරිඳ හා තවත් කාන්තාවක ඝාතනය කිරීමෙන් පසුව, ඒ තුළ සිදුකළ විවෘත වෙඩි තැබීමෙන් තවත් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව 20කට වැඩි පිරිසක් තුවාල ලබා තිබුණි.
ප්‍රහාරය සඳහා ඔහු නීතිවිරෝධී ගිනි අවියක් භාවිත කර ඇති අතර, බිරිඳ සමග ඇති වූ ආරවුලක් මේ මහා මනුෂ්‍ය සංහාරය දක්වා දුරදිග ගොස් ඇති බවද අමාත්‍යවරයා පවසා තිබේ.
ප්රාහරයෙන් තුවාල ලැබූවන් රෝහල්ගත කර ඇති අතර, ඉන් හත් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.