වාහනයකට යටකර පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කළැයි වරදකරුව මරණීය දඬුවම නියම වූ සබරගමු පළාත් සභාවේ එ.ජා.ප. මන්ත්රී, විපක්ෂයේ ප්රධාන සංවිධායක හසිත සමන්ත මුහන්දිරම් (සර්පයා) මන්ත්රී ධුරය අහෝසි කර ඇත.
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය මහතා මෙම මන්ත්රී ධුරය අහෝසි කළැයි දැනුම් දුන් බව සබරගමුව පළාත් සභාවේ සභාපති කාංචන ජයරත්න මහතා පැවසීය.
මරණ දඬුවම් නියම කරමින් මහාධිකරණය දුන් තීන්දුවෙන් පසු කිහිපවරක් හසිත මුහන්දිරම් මහතා පළාත් සභාවට පැමිණියේය.
හසිත මුහන්දිරම් මහතාගේ මන්ත්රී ධුරය අහෝසි වීමත් සමග පුරප්පාඩු වන මන්ත්රී ධුරයට එක්සත් ජාතික පක්ෂ මන්ත්රී බී.ආරියවංශ මහතා පත්වීමට නියමිතය.
රත්නපුර මලිති පෙරේරා