යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් ජලය ලීටරයක් රුපියල් 10කට මිලදී ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී බිමල් රත්නායක මහතා අද (04දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
නේවාසිකාගාරවල සහ වෙනත් ස්ථානවල නවාතැන් ගෙන සිටින සිසුන් මේ හේතුවෙන් දැඩි අපහසුතාවට ලක්ව ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
සයිටම් ආයතනයට විරුද්ධව උද්ඝෝෂණය කළ වෛද්‍ය සිසු සිසුවියන් 7200ක් දින 70ක් තිස්සේ පන්ති තහනම් කර තිබෙන බවත්, ආණ්ඩුවේ ඇමතිවරුන් 93 දෙනාගෙන් කිසිවෙකු ඔවුන් හමුවී ප්රශ්නය කුමක්දැයි විමසා නොමැති බවත් හෙතෙම පවසා සිටියේය.
එහෙත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සයිටම් ආයතනයේ සභාපතිවරයා ඇතුළු එම ආයතනයේ ප්‍රධානීන් මුණගැසී ඇතැයිද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.