තමන්ගේ දියණිය පේරාදෙණිය වෛද්‍ය විද්‍යාලයට තේරී පත්වුවද එයට ඇතුළත් වීමට නොහැකිව වසර තුනක් නිවසට වී සිටි බව උසස් අධ්‍යපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (04දා) පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණ විසින් විශ්වවිද්‍යාල සිසුන් එළියට ඇද දමා වධකාගාර පවත්වාගෙන යමින් විශ්වවිද්‍යාල කටයුතු කඩාකප්පල් කර තිබුණු බැවින් එවැනි අත්දැකීමකට මුහුණ දුන් බවද හෙතෙම පැවසීය.
අද වනවිට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් විශ්වවිද්‍යාල සිසුන් ගැන කතාකිරීම ගැන තමන්ට සිනහවට කරුණක් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.