මේ වසරේ සිට විශ්වවිද්‍යාලවලට බඳවාගන්නා ශිෂ්‍ය ප්‍රමාණය 21% ක් දක්වා ඉහළ දමන ලෙස සමාජවාදී තරුණ සංගමය රජයෙන් ඉල්ලා සිටියි. 1990 වසරේදී විශ්වවිද්‍යාල වරම් ලැබූ පිරිසෙන් 20.79% ක් විශ්වවිද්‍යාලවලට බඳවා ගත් බවත්, 2013 වසර වනවිට එය 13% දක්වා අඩුවී තිබෙන බවත් එම සංගමයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කළේය.
2012 වසරේදී විශ්වවිද්‍යාල ප්‍ර‘වේශ ලත් 120,000කටත්, 2013 වසරේ 118,540කටත්, 2014 වසරේදී 125,229කටත් විශ්වවිද්‍යාල වරම් අහිමි වී ඇතැයිද ඔහු පවසා සිටියේය.
බඳවාගන්නා ප්‍රතිශතය පහළ ගියද 1990 වසරේදී පැවැති විශ්වවිද්‍යාල 09 කප්රමාණය2005 වසර වනවිට එය 15 ක් දක්වා ඉහළ ගිය බවද ජාතික සංවිධායකවරයා සඳහන් කළේය.