විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලැප්ටොප් පරිගණක මිලදි ගැනීමට අඩුපොලී යටතේ ණය ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. පාර්ලිමේන්තුවේදී ආර්ථිකය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය. සෑම විශ්වවිද්‍යාලයකටම වයි-ෆයි පහසුකම ලබාදෙන බවත් ඔහු සඳහන් කළේය.
රටේ සෑම පුරවැසියෙකුටම නිවාසයක් ලබා දීමට අවශ්‍ය කටයුතු කරන බවත්, වසර 2020 වන විට රටේ ආර්ථික මට්ම ඉහළ නැංවීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය. පොත් සඳහා හා ක්‍රීඩා භාණ්ඩ සඳහා අයකළ බද්ද ඉවත් කිරීමටත් තීරණය කර තිබේ.