විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබාගන්නා යම් පිරිසක් යම් කාලයකට රැකියා විරහිතව සිටින නිසා වෙළෙඳ පොළට ගැළපෙන ලෙස විශ්වවිද්‍යාල පාඨමාලා සකස් කිරීම පිළිබඳව අවධානය යොමුව තිබෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහන් ලාල් ග්‍රේරු මහතා සඳහන් කළේය.
මේ අනුව විශ්වවිද්‍යාල පාඨමාලා, කර්මාන්ත හා ව්‍යාපාර හා සම්බන්ධ වන ලෙසට සකස් කිරීමට අදහස් කරගෙන සිටින බවත්, ඒ පිළිබඳව ජර්මානු විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන්ගෙන් අදහස් ලබාගනිමින් සිටින බවද ඔහු පවසා සිටියේය.
අධ්‍යාපනය, ව්‍යාපාර හා කර්මාන්ත සමග සම්බන්ධ කරගෙන තිබෙන රටක් වන ජර්මනිය, යුරෝපයේ දියුණුම රට බවට පත්වී තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම ක්‍රමය ඇති කළ පසු විශ්වවිද්‍යාලවලින් පිටවන පුද්ගලයාට කෙලින්ම දළ දේශීය නිෂ්පාදිතය සංවර්ධනය කිරීම සඳහා දායක විය හැකි බවද හෙතෙම පවසා සිටියේය.