පසුගිය උසස් පෙළ විභාගය සමත් පිරිස මේ වසර් අගෝස්තු හා සැප්තැම්බර් මාසවල විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවත් එමපිරිස් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ ඉල්ලුම්පත් සහිත අත්පොත ලබන මස මුල නිකුත් කරන බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි. විශ්වවිද්‍යාලවල නව පාඨමාලා ද ඇතුළත්ව සියලු පාඨමාලා සඳහා සිසුන්ට මෙම අත්පොතේ උපදෙස් අනුව අයදුම් කළ හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උප සභාපති මහාචාර්ය පී. එස්. එම් ගුණරත්න මහතා පැවසීය.