විශ්වවිද්‍යාල 10ක පාලක සභා සාමාජිකයන් පත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව කටයුතු කර තිබේ. උසස් අධ්‍යාපන හා පර්යේෂණ ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතාගේ උපදෙස් පරිදි මෙසේ පාලක සභා පත් කිරීම සිදු කර තිබේ.
රජරට, ශ්‍රී ජයවර්ධනපුර, කොළඹ, කැලණිය, මොරටුව, සබරගමුව, ඌව වෙල්ලස්ස, සෞන්දර්ය, අග්නිදිග හා විවෘත විශ්වවිද්‍යාල සඳහා මේ අනුව පාලක සභා පත් කර ඇත. වයඹ හා පේරාදෙණිය විශ්වවිද්‍යාලවලට මීට පෙර පාලක සභා පත් කර ඇති අතර රුහුණ, යාපනය හා නැඟෙනහිර විශ්වවිද්‍යාල සඳහා ඉදිරියේදී පාලක සභා පත් කිරීමට නියමිතය.