තොග සහ සිල්ලර වෙළෙඳාම මත පනවා තිබෙන වැට් බදු ක්‍රමය නිසා ලක්ෂ 40 කට අධික සුළු ව්‍යාපාරිකයන් අපහසුතාවට පත්ව තිබෙන බවත් මේ නිසා තොග සහ සිල්ලර ව්‍යාපාරිකයන්ට සරල බදු ක්‍රමයක් හඳුන්වා දෙන ලෙස සමස්ත ලංකා වෙළෙඳ සංගම් එකමුතුව ඉල්ලා සිටියි.
වැට් බදු අයකිරීම තාවකාලිකව නවතා දැමුවත් එම පනත පාර්ලිමේන්තුව තුළ සම්මතවූ පසු අදාළ බදු මුදල ගෙවීමට සිදුවන බවද එම සං‘ගමයේ ලේකම් ඉන්දික ලියනගේ මහතා අද (12දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
වැට් බදු එකතු කිරීමේදී සෑම තොග හා සිල්ලර වෙළෙන්දෙකුම වැට් බදු එකතු කරන රජයේ නියෝජිතයෙකු බවට පත්වන බවත් එහිදී සුළු හෝ අතපසුවීමක් සිදුවුවහොත් එය වැට් බදු වංචාවක් බවට පත්වන බවද සඳහන් කළේය. දෛනික ආදායම රුපියල් 33,333 ක ආදායමක් සහිත සෑම කෙනෙකුම වැට් බදු ගෙවීමට සිදුවන බවද ඔහු පවසා සිටියේය.