හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ලබන සතිය වනවිට ෆීල්ඩ් මාෂල් ධුරය හිමිවනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම තනතුර හිමි වුවහොත් හමුදා සේවයේ ඉහළම තනතුර වන ෆීල්ඩ් මාෂල් ධුරය හිමිවන පළමු ශ්‍රී ලාංකිකයා වනු ඇත්තේ සරත් ෆොන්සේකා මහතාය.
ත්රස්තවාදීන් පරදා ශ්‍රී ලංකා හමුදාව ලැබූ ජයග්‍රහණයේ ඉහළම සේවය ඉටු කළ ජෙනරාල් ෆොන්සේකා 2010 ජනාධිපතිවරණයේ දී හමුදා සෙබළුන් රාජපක්ෂික භාවයෙන් මුදා ගැනීම යන චෝදනා හේතු කොට ගෙන සියලු එතෙක් දැරූ සියලු තනතුරුවලින් පහ කෙරුණි. එහෙත් මෙවර ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා දුන් පොරොන්දුවක් මත පසුගියදා ෆොන්සේකා මහතාට ජනාධිපති සමාව ලැබුණු අතර සියලු තනතුරු සහ වරප්‍රසාද හිමි විය.
මේ අතර ජෙනරාල් සරත් ෆොන්සේකාගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා මහත්මිය රණවිරු සේවා අධිකාරියේ සභාපතිනිය වශයෙන් පත් කළ බව ඊයේ (18) නිවේදනය කෙරුණි. එසේම ඇගේ සොහොයුරෙකු වන ජේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් මුණසිංහ මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමටද කටයුතු සූදානම් බවද වාර්තාවෙයි. ඇමති ආරක්ෂක අංශයේ සේවය කළ ඒ මහතා 2010 ජනාධිපතිවරණය නිමා වී මාසයක කාලයක් තුළ උසස් වීම් ලැබීමට නියමිතව සිටි අයෙකි. එහෙත් ඔහුට එම උසස් වීම නොලැබුණු අතර පසුව ඔහු හයිටි රාජ්‍යයේ සේවාවන්ට අනුයුක්ත කර තිබිණි. ඔහුට නියෝජ්‍ය පොලිස්පති ධුරය ලැබෙන්නේ එම ධුරය ඔහුට ලැබිය යුතුව තිබූ දිනය සටහන් කරමින් බවද දැන ගන්නට ලැබේ.