ශ්‍රී ලංකා සරණාගතයින් 54 දෙනෙකුද ඇතුළුව සරණාගතයින් 65 දෙනෙක් ඔස්ට්‍රේලියාවේ බලා ගමන් කරමින් සිටියදී ඔස්ට්‍රේලියානු නාවික හමුදාව යටතට පත්වීමෙන් අනතුරුව සරණාගත පිරිස නැවත හරවා යැවීම සඳහා ඔස්ට්‍රේලියානු නාවික හමුදාව නැවේ කාර්ය මණ්ඩලයට මුදල් ගෙවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම නැවේ කපිතාන් ලෙස කටයුතු කළ පුද්ගලයාට හා නැවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙක් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 5000 බැගින් ගෙවා ඇති බව ඉන්දුනීසියාවේ පොලිස් ප්‍රධානී හිදායත් ඒ.එෆ්.පී. පුවත් සේවයට පවසා තිබේ.
මෙම සරණාගත පිරිස දැනට ඉන්දුනීසියාවේ දූපතක සිටින අතර ඔවුහු නවසීලන්තයේ උදව් ඉල්ලා තිබේ.
මුදල් ලබාදීමේ සිදුවීම පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීමට ඔස්ට්‍රේලියානු ආගමන විගමන අමාත්‍ය කාර්යාලය ප්‍රතික්ෂේප කොට තිබේ.