පුද්ගලයෙකුට පහරදීමේ චෝදනා සඳහා නඩු ගොනුකර තිබූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා අද (11දා) එම චෝදනාවලින් නිදහස් කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර මෙනවිය නියෝග කළාය.
පසුගිය මහ මැතිවරණ සමයේදී ගම්පහ ණුවන් තරංග නැමැත්තෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සරණ ගුණවර්ධන මහතා ඇතුළු සිවුදෙනෙකුට චෝදනා ගොනුකර තිබුණි. ඒ සියලු දෙනාට අද නිදහස ලැබුණි.