සයිප්‍රස් රාජ්‍යයේ රැකියා සඳහා යාමට ශ්‍රී ලාංකිකයන් මෙතෙක් පැවති බාධා වහාම ඉවත් කෙරුණු බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි.
සයිප්‍රස් රටට රැකියා සඳහා පිටවත්වන කාන්තාවන්ගෙන් රුපියල් ලක්ෂයක තැන්පතුවක් ආරක්ෂිත තැන්පතුවක් හැටියට ලෙස අයකළ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි එම මුදල අය නොකිරීමට සයිප්‍රස් රාජ්‍යය තීරණය කර තිබේ.
සයිප්‍රස් රටේ රැකියා අවස්ථා හිමිවන්නේ වයස අවුරුදු 23ත්, 45ත් අතර කාන්තාවන්ට වන අතර ඉංගී්රසි දැනුම හෝ පළපුරුද්ද එහිදී සලකා නොබැලේ.
විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය සහ සයිප්‍රස් කොන්සල් ජනරාල් පෙරීන් පීරිස් මහතා අතර සාකච්ඡාවකින් පසු මෙම තීරණවලට එළැඹී තිබේ.