සයින්දමරුදු ප්‍රාදේශීය සභාව අළුතින් පිහිටුවන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පැවැසීය. කල්මුණේ ප්‍රදේශයේ විශේෂ සංචාරයක නිරත වෙමින් අමාත්‍යවරයා මේ බව ඊයේ (18දා) ප්‍රකාශ කළේය.
“තමුන්නානසේලාගේ ඉල්ලීම අනුව ජනාධිපතිතුමාගේ උපදෙස් ඇතිව අනිවාර්යෙන් සයින්දමරුදු ප්‍රාදේශීය සභාව පිහිටුවනවා. හැබැයි, ඒක හෙට අනිද්දා හෝ හදිසියේ ම කරන්න හැකි දෙයක් නොවෙයි. මොකද කිසිදු ජන කොටසකට අසාධාරණයක් සිදු නොවන ආකාරයෙන් මෙය සිදු කළ යුතුයි. තවත් මැතිවරණ කිහිපයක් ඉදිරියේ දී තියනවා.
ඒ වගේ ම සීමා නිර්ණය කමිටුවට මේ ප්‍රාදේශීය සභාව පිහිටුවන්න ඉදිරිපත් කරන්න ඕන. ඒහි දී ඇතිවන ගැටළු විසදන්න කාලයක් ඕන. මේ ගැන කිසිසේත්ම බිය වියයුතු නැහැ. ප්‍රශ්න ඇති කරගන්න ඕනත් නෑ. සීමා නිර්ණය ගැටළු විසදුන ගමන් සයින්දමරුදු ප්‍රාදේශීය සභාව පිහිටුවන බවට මම පොරොන්දු වෙනවා. ”