සයිටම් ආයතනයේ හිටපු ප්රධාන විධායක නිලධාරී සමීර සේනානායක මහතා මෙම මස 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඉකුත් වසරේ පෙබරවාරී මාසයේදී සයිටම් ආයතන ආසන්නයේදී ඔහු ගමන්ගත් මෝටර් රථයට වෙඩි ප්රහාරයක් එල්ල වූ අතර සිදු කරන ලද පරීක්ෂණවලදී හෙළි වූයේ එය ඔහු විසින් සැලසුම් සහගතව සිදුකරන ලද්දක් බවයි.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (10දා) සමීර සේනාරත්න මහතාගෙන් ඒ පිළිබඳව යළි ප්රශ්න කිරීමක් සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේ අත්අඩංගුවට ගත් අතර කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඔහු රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.