සිංහල හින්දු අලුත් අවුරුද්ද අවසන් වී ගෙවී යන සති දෙක තුනදී සයිටම් වසා දමන ලෙසට රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශය එක්ව එක් දින වැඩවර්ජනයක් දියත් කිරීමට සැලසුම් කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
සයිටම් ආයතනය වසා දමන ලෙස ඉල්ලා ගොඩනගා තිබෙන පෙරමුණට රාජ්‍ය,අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති 150කට අධික ප්‍රමාණයක් එකතුවී සිටින බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පසුගියදා එක්දින වැඩවර්ජනයක් සිදුකළ බවත් එයට සමගාමීව රජයේ ආයුර්වේද හා රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද වැඩවර්ජනයක නිරතවූ බවද පවසා සිටියේය.
මේ අනුව ඉදිරියේදී සියලුම පාර්ශ්ව එකතුවී මුලින්ම එක්දින වැඩවර්ජනයක් පැවැත්වීමට සාකච්ඡා පවත්වමින් සිටින බවද හෙතෙම සඳහන්කළේය.