සයිටම් අහෝසි නොකර සෞඛ්‍ය අමාත්‍යවරයාත්, උසස් අධ්‍යාපන අමාත්‍යවරයාත් නටන නාඩගම්වලට 30දා උත්තර ලබාදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍යවරයා තමන්ගේ පවුලේ ප්‍රශ්න පවුල තුළ බේරා නොගෙන වෛද්‍ය ශිෂ්‍යයන් ඇතුළු සමස්ත සෞඛ්‍ය සේවාවම බිල්ලට ලබාදෙමින් සිටින බවද එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා පැවසීය.
සයිටම් අහෝසි නොකිරීම ඇතුළු ගැටලු 10ක් මුල් කරගනිමින් මෙම වර්ජනය පවත්වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.