සයිටම් ගැටලුව සම්බන්ධයෙන් රජය විසඳුම් ඉදිරිපත් කර ඇති බවත් ඒ සඳහා සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් අමාත්‍යවරුන් සූදානමින් සිටින බවත් රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාගේ අත්සනින් යුත් නිවේදනයක දැක්වෙයි.
අද (24දා) නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ සයිටම් සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කළ යෝජනා ජනවාරි 29 දා ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් මගින් ඉදිරිපත් කිරීමට රජය විසින් නීතිපතිවරයාට පවසා ඇති බවයි.
එහෙයින් උද්ඝෝෂණ පැවැත්වීමට පෙර පුළුල් ලෙස සාකච්ඡා පැවැත්වීම වැදගත් බව රජය විශ්වාස කරන බවත් එම නිවේදනයේ දැක්වෙයි.