සයිටම් විරෝධී සංවිධාන විසින් හෙට දිනයේදී සෞඛ්‍ය සේවාව තුළ ක්‍රියාත්මක කරනු ලබන වැඩවර්ජනයට සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව යටතේ ක්‍රියාත්මක වන කිසිදු සංගමයක් සහයෝගය නොදක්වන බව එම සංගමයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.
තම සංගමය යටතේ වෛද්‍ය, පරිපූරක, අතුරු වෛද්‍ය, ආයුර්වේද වෛද්‍ය, දන්ත වෛද්‍ය, හෙද කනිෂ්ඨ කාර්යමණ්ඩල වෘත්තීය සමිති 30ක් පවතින බවද අද (20දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
සයිටම් ප්රශ්නය දේශපාලන ප්‍රශ්නයක් බවට පත්කර ගත් කණ්ඩායම සෞඛ්‍ය සේවාව අඩපණ කිරීමට උත්සාහ කළද, තම සංගමය ශක්තිමත් සංගමයක් බවද ඔහු කියා සිටියේය.
මේ නිසා රෝගී ජනතාව අපහසුතාවට පත්වීමට ඉඩලබා නොදෙන බවද සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.