ප්‍රමිතියෙන් යුතු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රටට අවශ්‍ය බවත්,සයිටම් ආයතනය අධිකරණ මගින් පිළිගෙන ඇති බැවින් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දැමීමට ආණ්ඩුවට අවශ්‍ය වුවද ආණ්ඩුවට එය කළ නොහැකි බවත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේදී ඊයේ (03දා) පැවැති මාධ්‍ය හමුවක උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්න් කිරිඇල්ල මහතා පැවැසීය.
උපවාසකර හෝ වැඩවර්ජනය කර අධිකරණ තීන්දු වෙනස්කළ නොහැකි බවත්, එය කළ හැක්කේ උසාවියක් මගින් බවත් පැවසූ අමාත්‍යවරයා, මේසම්බන්ධයෙන් බුද්ධිමත්ව කටයුතු කරන ලෙසද ඉල්ලා සිටියේය.
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා සාකච්ඡා තුනක් කැඳවුවද වෛද්‍ය සභාව එම කිසිදු සාකච්ඡාවකට හෝ සහභාගි නොවූ බවත් කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.