සයිටම් ආයතනය වසා දමන තුරු හෙට (03දා) සිට වෘත්තීය සමිති 150කට අධික ප්‍රමාණක් සමග එක්ව රට තුළ අඛණ්ඩ අරගලයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ අනුව හෙට රට පුරා විරෝධතා අත්පත්‍රිකා බෙදාහැරීම සිදුකරන බවත්, මීට අමතරව බොහෝ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල කළුපටි පැලඳ විරෝධතාව පළකරන බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.
මීට අමතරව ඉදිරි දිනවල ආයතන මට්ටමින් හා රෝහල් මට්ටමින් වැඩවර්ජන සිදුකිරීමට තීරණය කර තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.