සයිටම් ආයතනය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යෝජනා කර තිබෙන ප්‍රධාන යෝජනා 04 ක් ක්‍රියාවට නැංවීමට ඉඩ ලබාදෙන්නේ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කිරීමේ යෝජනාවට පමණක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම යෝජනා අතර නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගෙන සයිටම් ආයතනය එලෙසම පවත්වාගෙන යාමට යෝජනා කර තිබෙන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේය.
මීට අමතරව සයිටම් සිසුන්ට සායනික පුහුණුව ලබාදීමට හෝමාගම අවිස්සාවේල්ල රෝහල් ලබාදීම හා සයිටම් ආයතනයේ විභාගයට පෙනී සිටි සිසුන්ට නැවත විභාගයක් සුදානම් කිරීමට යෝජනා කර තිබෙන බවද පවසා සිටියේය.
එහෙත් එම යෝජනා ඉටුකිරීමට ඉඩ ලබා නෙදෙන බවද වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේය.