නීතිවිරෝධීව පවත්වාගෙන යන සයිටම් ආයතනය තුළ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ 06 න් හතරක්ම නියෝජනය කරන සමහර මන්ත්‍රීවරුන්ගේ බිරින්දෑවරුන්, දූ දරුවන් හෝ ඥාතීන් අධ්‍යාපනය ලබන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මෙම ආයතනය තුළ ඊ.පී.ඩී.පී. පක්ෂයේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ට සම්බන්ධ කිසිවෙකුත් නොමැති බවද එම පක්ෂයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා අද (20දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී දේශපාලන හයිය මත මෙම ආයතනය පවත්වාගෙන ගිය බවත්, වර්තමාන රනිල්-මෛත්‍රී ආණ්ඩුව විසින් එයට නීත්‍යානුකූලභාවය ලබාදීමට උත්සාහ දරමින් සිටින බවද හෙතෙම පවසා සිටියේය.
මේ නිසා අදාළ ආයතනයට විරුද්ධව පක්ෂයක් ලෙස ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඒ මහතා සඳහන් කළේය.