සයිටම් ආයතනය පිළිබඳව රට තුළ විශාල ආන්දෝලනයක් ඇති වී තිබෙන බැවින් ඒ පිළිබඳව කෝප් කමිටු විශේෂ පරීක්ෂණයක් සිදුකරන බව කෝප් කමිටු සාමාජික අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
මේ වන විට එම පරීක්ෂණය ආරම්භ කර තිබෙන බවත්, එහිදී එම ආයතනයට ලබාදී තිබෙනා අවසරය හා අවසරය ලබාදුන් ආකාරය පිළිබඳව සොයා බලන බවත් ඒ මහතා පවසා සිටියේය.