www.ada.lk
2026 ජුලි මස 11 වන සෙනසුරාදා
සයිටම් අහෝසි කරන ලෙස පොදු මහජනතාව පාරට බැස සටන් කරනවිට කසාය බීපු ගොළුවන් සේ රනිල්-මෛත්රී ඇතුළු ආණ්ඩුවේ නඩය මුනිවත රකිමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
සයිටම් ආයතනය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටලුවට සියලුදෙනාට පිළිගත හැකි විසඳුමක් ලබාදෙන බවට රනිල් මෛත්රී සඳහන් කරන බවත්, එහෙත් විනාශකාරී සයිටම් ආයතනයට සාධාරණයක් වන විසඳුමක් ලබාදිය නොහැකි බවද එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
මේ නිසා සයිටම් වසාදමන ලෙස ඉල්ලා ගොඩනැගෙමින් තිබෙන පුළුල් ජනතා බලවේගයට නායකත්වය ලබාදෙමින් සයිටම් වසාදමන තුරු අරගල කරන බවද හෙතෙම පවසා සිටියේය.
සයිටම් වසාදමන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ කොළඹ ටෙක්නිකල් හන්දියේ සිට කොළඹ කොටුව දක්වා විරෝධතා පාගමනක් පැවැත් වූ අතර, ඉන් පසුව දුම්රියපොළ ඉදිරිපිට පැවැති විරෝධතා රැළියට සහභාගි වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
මරියසෙල් ගුණතිලක සමුගනියි
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd